We offer a standard deal of LKR 2 million in seed investments for a 20% share of equity in the business and a royalty fee of 2% of total sales for the first three years.
Funds will be released in three tranches:
Immediately: LKR 500,000
Upon reaching ARR* of LKR 100,000: LKR 500,000
Upon reaching ARR* of LKR 250,000: LKR 1 million
Other benefits include:
Free company registration: Cover all administrative and legal costs associated with the business registration process.
Launch support: Liaise with government agencies and other service providers to accelerate the business launch.
Administrative assistance: Support key operations, including workflow, HR, and income-expense management.
Advisory and consultancy: Guide and mentor founders to face business challenges and drive sustainable growth.
Networking opportunities: Connect startups with new investors, mentors, and partners to expand and scale.
අපි ඔබගේ ව්‍යාපාරයේ සාමාන්‍ය කොටස් වලින් 20%ක් සඳහා රුපියල් මිලියන 2ක මූලික ආයෝජනයක් කරන්නෙමු. ඉන් අමතරව පළමු වසර තුන සඳහා ව්‍යාපාරයේ මුළු විකුණුම්වලින් 2% ක රෝයල්ටි ගාස්තුවක් (royalty fee) අදාළ වේ.
අරමුදල් කොටස් තුනක් වශයෙන් නිකුත් කෙරේ:
ආරම්භයේදී: රු. 500,000
වාර්ෂික පුනරාවර්තන ආදායම* රුපියල් 100,000ක් වූ පසු: රු. 500,000
වාර්ෂික පුනරාවර්තන ආදායම රුපියල් 250,000ක් වූ පසු: රු. මිලියන 1
අනෙකුත් ප්රතිලාභ:
නොමිලේ සමාගම් ලියාපදිංචිය: ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම පරිපාලන සහ නීතිමය වියදම් ආවරණය කිරීම.
දියත් කිරීමේ සහාය: ව්‍යාපාර දියත් කිරීම වේගවත් කිරීම සඳහා රාජ්‍ය ආයතන සහ අනෙකුත් සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වීම.
පරිපාලන සහාය: කාර්ය ප්‍රවාහය, මානව සම්පත් සහ ආදායම් වියදම් කළමනාකරණය ඇතුළු ප්‍රධාන මෙහෙයුම් සඳහා සහාය වීම.
උපදේශය සහ උපදේශකත්වය: ව්‍යාපාර අභියෝගවලට මුහුණ දීමට සහ තිරසාර වර්ධනයක් ඇති කිරීමට ප්රාරම්භකයින් හට මඟ පෙන්වීම සහ උපදෙස් දීම.
ජාලකරණ අවස්ථා: ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා නව ආයෝජකයින්, උපදේශකයින් සහ හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීම.
Conceptual or seed stage business ideas with projected annual revenue of LKR 1 million in 3-5 years and initial capital requirement below LKR 2 million. Young founders under 30 years of age are preferred. The business must be based in Sri Lanka.
Are we seeking for innovative startups? Yes and no. While innovative ideas will certainly catch our interest, we are equally open to traditional business models, provided they are simple and feasible.
වසර 3-5 තුළ ප්‍රක්ෂේපිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 1 ක් සහ මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් මිලියන 2 ට අඩු සංකල්පීය හෝ මුල් අදියරේ පසුවන ව්‍යාපාරික අදහස්. වයස අවුරුදු 30ට අඩු තරුණ ව්‍යවසායකයන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ. ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත විය යුතුය.
අප නව්‍ය (innovative) ව්‍යාපාර සොයන්නේ ද? පිළිතුර ඔව් සහ නැහැ වේ. නව්‍ය අදහස් නිසැකවම අපගේ සිත් ගන්නා මුත්, සාම්ප්‍රදායික ව්‍යාපාර ආකෘති සරල සහ ප්‍රායෝගික වේ නම් ඒවා ද අපි පිළිගන්නෙමු.